අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

පුවත් සහ සිදුවීම්


  • ආදායම් සහතිකයක් ලබා ගැනීමට

    • පදංචි ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී හමුවී ආදායම් සහතිකයක් ලබා ගැනීම සඳහා

      • සම්පුර්ණ නම
      • ලිපිනය
      • පවත්නා මාසයට පෙර මාස තුනක මාසික ආදායම.
      • ආදායම් මාර්ගය
      • ආදායම් සහතිකය අවශ්‍ය කාරණය ඇතුලත් ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කරන්න.
      • මාසික ආදායම රු.15000/-ට වැඩි නම් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න.
      • ව්‍යාපාරයක් නම් ව්‍යපාර නාම ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කරන්න.
    • එවිට ග්‍රාම නිලධාරි විසින් ඊට අදාල ආකෘතිය සම්පුර්ණකර,නිර්දේශයද සමග ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරිම සඳහා ඔබ වෙත භාර දෙනු ලබයි. .
    • ඔබ විසින් එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයතන අංශයට භාරදීමෙන් පසු,
    • එම මුදල ගෙවා කුවිතාන්සිය ඉදිරිපත් කිරීමෙන් පසු ඔබ වෙත ආදායම් සහතිකය නිකුත් කරනු ඇත.

    වැදගත්

    1. i. ආදායම් සහතිකයක් නිකුත් කිරීමේදි මාසික ආදායම රු.3000/-ට වැඩිනම් ඒ අනුව වාර්ෂික ආදායම ගණනය කර ඊට 1.27%ක කොමිස් මුදලක් රජයට අයකර වාර්ෂික ආදායම් වාර්තාවක් නිකුත් කරනු ඇත.
    2. ii. මාසික ආදායම රු 3000/-ක් හෝ ඊට අඩුනම් පමණක් මාසික ආදායම් වාර්තාවක් නිකුත් කරන අතර ඒ සඳහා ද 1.27%ක කොමිස් මුදලක් රජයට අයකරනු ඇත.

    අයදුම් පත් බාගත කර ගැනීමට click කරන්න

    පැමිණිලි පිටපතක් ලබා ගැනීමට

    ඔබ විසින් ඔබ පදිංචි ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී වෙත කරන ලද පැමිණිල්ලක පිටපතක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේනම් ඒ සඳහා.

    • ඔබගේ ඉල්ලීම ලිඛිතව ග්‍රාම නිලධාරී මඟින් ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කරන්න.
    • එවිට ඔබගේ ඉල්ලීමට අදාල ග්‍රාම නිලධාරී වෙතින් පැමිණිල්ලේ පිටපතක් ලබාගෙන සහතික කර ඔබ වෙත නිකුත් කරනු ඇත.
    • පැමිණිලි පිටපතක් ලබා ගැනීමට තනි පිටුවක් සඳහා රු 20/-ක මුදලක් ද වැඩිවන සෑම පිටවක් සඳහාම රු 20/- බැගින් ද රජයට අයකරනු ඇත.

    වටිනාකම් සහතිකයක් ලබා ගැනීමට

    1. ඔබට රු5000/- ක් හෝ ඊට අඩු වටිනාකම් සහතිකයක් අවශ්‍ය නම් එය ඔබ පදිංචි ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී වෙතින් ලබාගත හැකිය.
    2. රු.5000/-ට වඩා වැඩි වටිනාකම් සහතිකයක් අවශ්‍ය නම් ඔබ පදිංචි වසමේ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත හැකිය..

 

දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම

දැව හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම් සඳහා (කොස් / රටදෙල් / ගැහැණු තල්) අවශ්‍ය තොරතුරු

  • සම්පුර්ණ කරන ලද අයදුම් පත්‍රය.
  • ග්‍රාම නිලධාරී නිර්දේශත ඉල්ලීම් ලිපිය.
  • ඔප්පුව / දීමනාපත්‍රය / බලපත්‍ර පිටපත / නඩු තීන්දුව.
  • පිඹුරු පිටපත හෝ ග්‍රාම නිලධාරි විසින් අදීනලද ඉඩමේ දළ සැලැස්ම.
  • පිඹුරු පිටපතේ හෝ දළ සැලැස්මේ ගස පිහිටි ස්ථානය ග්‍රාම නිලධාරී විසින් සලකුණු කර අත්සන හා මුද්‍රාව තැබීය යුතුය
  • නොබෙදු ඉඩමක් නම් දිවුරුම් ප්‍රකාශය.
  • ඉඩමේ හිමිකරු මියගොස් නම් කලත්‍රයාගේ හා සියළු දරුවන්ගේ එකඟතාවය ග්‍රාම නිලධාරි මඟින් ලබාදිය යුතුය.

දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම

දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු

  • සම්පුර්ණ කරන ලද අයදුම් පත්‍රය.
  • දැව හෙලීම සඳහා ලබාගත් බලපත්‍රය.
  • හෙලීමට බලපත්‍ර අවශ්‍ය නොවන්නේ නම් ඔප්පුව / දීමනාපත්‍රය / බලපත්‍ර පිටපත / නඩු තීන්දුව.
  • හෙලීමට බලපත්‍ර අවශ්‍ය නොවන්නේ නම් පිඹුරු පිටපත හෝ ග්‍රාම නිලධාරී විසින් අදින ලද ඉඩමේ දළ සැලැස්ම.
  • ග්‍රාම නිලධාරී සහතික කරන ලද දැව වාර්තාව අනුමත ආකෘතිය අනුව

පස් කැණිම් හා ප්‍රවාහන නිකුත් කිරීම

පස් කැණිම් හා ප්‍රවාහන නිකුත් කිරීම සඳහා (කියුබ් 35ට අඩු) අවශ්‍ය තොරතුරු

  • සම්පුර්ණ කරන ලද අයදුම් පත්‍රය.
  • ග්‍රාම නිලධාරී නිර්දේශිත ඉල්ලීම් ලිපිය.
  • ඔප්පුව / දීමනාපත්‍රය / බලපත්‍ර පිටපත / නඩු තීන්දුව.
  • පිඔුරු පිටපත හෝ ග්‍රාම නිලධාරී විසින් අදිනලද ඉඩමේ දළ සැලැස්ම.
  • හැදුනුම්පත් පිටපත.
  • නොබෙදු ඉඩමක් නම් දිවුරුම් ප්‍රකාශය.
  • අයදුම්පත්‍රෙය් පස් ප්‍රවාහනය කරන ස්ථානය අදාල ග්‍රාම නිලධාරී මඟින් නිර්දේශ කළ යුතුය.

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට උපදෙස්

  • සම්පුර්ණ කරන ලද අයදුම්පත.
  • අයදුම්පත සමඟ කාර්යාලයෙන් නිකුත් කරනු ලබන ග්‍රාම නිලධාරී වාර්තාව ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කර තිබිය යුතුය.
  • අදාල නගර සභාවේ හෝ ප්‍රාදේශීය සභාවේ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා බදු ගෙවු රිසිට්පත. (අදාල වර්ෂය සඳහා බදු ගෙවා තිබිය යුතුවේ.)
  • ව්‍යාපාරික ස්ථානයේ අයිතිය තහවුරු කෙරෙන ලියවිලි. (ඔප්පුව,නඩු තීන්දුව,බදු ගිවිසුම)
    • අයිතිකරු ඔබ නොවේනම් ඔබ විසින් එම ස්ථානයේ ව්‍යාපාරය කරනගෙන යාම සම්බන්ධයෙන් අදාල අයිතිකරු විසින් කැමැත්ත ප්‍රකාශීත ලිපිය. (ග්‍රාම නිලධාරී සහතික කර නිල මුද්‍රව තැබීය යුතුය)
  • ජාතික හැදුනුම්පතේ ඡයා පිටපතක් හෝ පිටපත්.
  • ප්‍රාදේශීය සභාවෙන් නිකුත් කරන ලද වෙළඳ බලපත්‍රෙය් පිටපත්.
  • ප්‍රාදේශීය සභාවෙන් නිකුත් කරන ලද වෙළඳ බලපත්‍රෙය් පිටපතක්.
  • ව්‍යාපාරික ස්ථානයට යන ගමන් මාර්ගය පිළිබඳ සිතියමක් සඳහන් කඏ යුතුය. (දළ සැලැස්ම)
  • ඉහත ලියවිලි සකස් කර ගැනීමෙන් පසුව

 

උප්පැන්න ලියාපදිංචිය

ලියාපදිංචි නොකල උපතක් ලියාපදිංචි කිරීම

පරිවර්තනය කරපු පිටපත් සහ සහතික කරන ලද පිටපත් ලබා ගැනීම

විවාහ ලියාපදිංචිය

සහතිකවල දෝස නිවැරදි කිරීම

පරිවර්තනය කරපු පිටපත් සහ සහතික කරන ලද පිටපත් ලබා ගැනීම

මරණ ලියාපදිංචිය

ලියාපදිංචි නොකල මරණයක් ලියාපදිංචි කිරීම

පිටපත් හා පරිවර්තන ලබා ගැනීම

ජාතික හැදුනුම්පත ලබාගැනීම

Scroll To Top