- පදංචි ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී හමුවී ආදායම් සහතිකයක් ලබා ගැනීම සඳහා
- සම්පුර්ණ නම
- ලිපිනය
- පවත්නා මාසයට පෙර මාස තුනක මාසික ආදායම.
- ආදායම් මාර්ගය
- ආදායම් සහතිකය අවශ්‍ය කාරණය ඇතුලත් ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කරන්න.
- මාසික ආදායම රු.15000/-ට වැඩි නම් දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න.
- ව්‍යාපාරයක් නම් ව්‍යපාර නාම ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කරන්න.
- එවිට ග්‍රාම නිලධාරි විසින් ඊට අදාල ආකෘතිය සම්පුර්ණකර,නිර්දේශයද සමග ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරිම සඳහා ඔබ වෙත භාර දෙනු ලබයි. .
- ඔබ විසින් එය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයතන අංශයට භාරදීමෙන් පසු,
- එම මුදල ගෙවා කුවිතාන්සිය ඉදිරිපත් කිරීමෙන් පසු ඔබ වෙත ආදායම් සහතිකය නිකුත් කරනු ඇත.
වැදගත්
- i. ආදායම් සහතිකයක් නිකුත් කිරීමේදි මාසික ආදායම රු.3000/-ට වැඩිනම් ඒ අනුව වාර්ෂික ආදායම ගණනය කර ඊට 1.27%ක කොමිස් මුදලක් රජයට අයකර වාර්ෂික ආදායම් වාර්තාවක් නිකුත් කරනු ඇත.
- ii. මාසික ආදායම රු 3000/-ක් හෝ ඊට අඩුනම් පමණක් මාසික ආදායම් වාර්තාවක් නිකුත් කරන අතර ඒ සඳහා ද 1.27%ක කොමිස් මුදලක් රජයට අයකරනු ඇත.
අයදුම් පත් බාගත කර ගැනීමට click කරන්න
ඔබ විසින් ඔබ පදිංචි ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී වෙත කරන ලද පැමිණිල්ලක පිටපතක් ලබා ගැනීමට අවශ්‍ය වන්නේනම් ඒ සඳහා.
- ඔබගේ ඉල්ලීම ලිඛිතව ග්‍රාම නිලධාරී මඟින් ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කරන්න.
- එවිට ඔබගේ ඉල්ලීමට අදාල ග්‍රාම නිලධාරී වෙතින් පැමිණිල්ලේ පිටපතක් ලබාගෙන සහතික කර ඔබ වෙත නිකුත් කරනු ඇත.
- පැමිණිලි පිටපතක් ලබා ගැනීමට තනි පිටුවක් සඳහා රු 20/-ක මුදලක් ද වැඩිවන සෑම පිටවක් සඳහාම රු 20/- බැගින් ද රජයට අයකරනු ඇත.
- ඔබට රු5000/- ක් හෝ ඊට අඩු වටිනාකම් සහතිකයක් අවශ්‍ය නම් එය ඔබ පදිංචි ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී වෙතින් ලබාගත හැකිය.
- රු.5000/-ට වඩා වැඩි වටිනාකම් සහතිකයක් අවශ්‍ය නම් ඔබ පදිංචි වසමේ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත හැකිය..
- පදංචි ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී හමුවී ආදායම් සහතිකයක් ලබා ගැනීම සඳහා














