අපගේ දැක්ම

"දොඩන්ගොඩ ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට සමෘද්ධිමත් ජීවන තත්වයක්"

අපගේ මෙහෙවර

"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් දොඩන්ගොඩ ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීම"
dodangodphoto

පිහිටීම මුල් කරගත් තොරතුරු

දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම් 45කින් යුක්ත වේ. විශාලම ග්‍රාම නිලධාරී වසම නෑහින්න වසම වන අතර කුඩාම ග්‍රාම නිලධාරී වසම රෙමුණගොඩ උතුර වේ. 1982 ට පෙර ග්‍රාම නිලධාරී වසම් 17කින් යුක්ත වූ අතර වර්තමානයේ භූමිය සහ ජනගහනය සලකා බලා පරිපාලනයේ පහසුව පිණිස ග්‍රාම නිලධාරී වසම් 45කට බෙදා ඇත.

දොඩන්ගොඩ බලප්‍රදේශය පිළිබද ඉතිහාසය විමසීමේදී කළුතර සිට මතුගම හා ඒ තදාසන්න ප්‍රදේශවලට යන ප්‍රධාන මාර්ගය වැටී තිබී ඇත්තේ දොඩන්ගොඩ හරහාය. අතීතයේදී ගැල්වලින් යන එක් එක් ප්‍රදේශ වලට අයත් පිරිස අතරමග නැවතුම්පලක් ලෙස දොඩන්ගොඩ භාවිතා කළ බව කියැවේ. ගැල්වලින් යන පිරිස ගැල් නවතා කථාබහ කරන්නට එක් වූ ප්‍රදේශය වන බැවින් ‍"දොඩනගොඩ" දොඩන්ගොඩ වූ බව ජනප්‍රවාදයේ පවතී.

මේ අනුව බලන කල අතීතයේද දොඩන්ගොඩ මාර්ග ගමනාගමනයේ ප්‍රධාන සංධිස්ථානයක් වී ඇති අතර වර්තමානයේ මතුගම සිට කොළඹ දක්වා මහා මාර්ගය වැටී ඇත්තේ දොඩන්ගොඩ හරහාය. තවද දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ප්‍රධාන පිවිසුම් දොරටුවක් මෙම කොට්ඨාශය තුල පිහිටා තිබීම විශේෂත්වයකි.

කළුතර දිස්ත්‍රික්කයේ බටහිර අර්ධයේ දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටා ඇත.

උතුරට                   -  බණ්ඩාරගම හා මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

නැගෙනහිරට         -  මදුරාවල හා මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

බටහිරින්               -  බේරුවල හා කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

දකුණින්                -  මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

හෙක්ටයාර 11.080ක (වර්ග කි.මි. 110ක ) විශාලත්වයකින් යුත් කළුතර දිස්ත්‍රික්කයේ මුළු භූමියෙන් 6.7%ක් වේ.

 

වසරේ සිට සේවය කල ප්‍රදේශිය ලේකම්වරුන්

නම

සිට

දක්වා

පුන්‍යසිරි සුභසිංහ මහතා

 1978  1981

එස්. හපුආරච්චි මහතා

 1981  1987

කේ.අයිරාංගනී මෙනවිය

 1987  1989
සුනිල් අබේවර්ධන මහතා  1989  1990
එම්.රුක්මනී මහත්මිය  1990  1993
රූපසිරි වැල්ල‍ගේ මහතා  1993  1995

එම්. රුක්මනි මහත්මිය

 1995  2001

රූපපසිරි වැලලගේ මහතා

 2001  2006

එම්. රුක්මනි මහත්මිය

 2006  2009

එම්.සී.එල්. රුද්‍රිගෝ මහතා

 2009  2016

 

දොඩන්ගොඩ සිතියම

click here to view

 

News & Events

Scroll To Top