අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

පුවත් සහ සිදුවීම්

ගැබිනි මවුවරුන් සදහා රු. 20000.00 ක පෝෂණීය දීමනාව ලබා දීමේ වැඩසටහන

 ඔබ සහභාගී වන සායන මධ්‍යස්ථානයෙන් / ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලද අයදුම් පත්‍රය නිවැරදිව සම්පුර්ණ කර, ඔබ ස්ථිරව පදිංචි ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීගෙන් පදිංචිය සහතික කර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීගෙන් නිර්දේශය සහ දැනට සහභාගී වන මාතෘ සායනයේ සායන භාර වෛද්‍ය නිලධාරීගේ නිර්දේශය සහතව ගැබ්ගෙන මාස 3 ක් ඉක්මවීමට පෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමා විය සංවර්ධන නිලධාරී හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරීට භාර දෙන්න..

ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම

 අරමුණ 
පියාගේ රැකවරණය අහිමි පියා පූර්ණ බෙලහීන අයකු වීම අඩු ආදායම්ලාභි පවුල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධයාපනයට අවශ්‍ය පහසුකම් සැලසීම
     
අවශ්‍ය ලිපි ලේඛන 
•     ඉල්ලීම් ලිපිය
•    අබල වාර්තාව
•    උප්පැන්න සහතිකය
•    විදුහල්පති සහතිකය
•    පියාගේ රුකවරණය අහිමි බව සනාථ කිරීමේ ලේඛණ

ආබාධ සහිත වූවන්ට උපකරණ ලබා දීම

අරමුණ 
අඩු ආදායම්ලාභී ආබාධිත තත්ත්වයේ පසුවන අයට ඔවුන්ගේ ආබාධිත තත්ත්වය අවම කර ගැනීම සඳහා අවශ්‍ය වන උපකරණ ලබා දීම (රෝද පුටු, ශ්‍රවන උපකරණ, අක්ෂි කාච, කැලිපස් සපත්තු, ඇස්කණානාඩි, කිහිලිකරු /අත්වාරු, කෘතිමඅත්පා. සුදු සැරයටි,වෝකර්,බස්තම්,වායු මෙට්ට, ජල මෙට්ට)

අවශ්‍ය සුදුසුකම් 
අඩු ආදායම්ලාභී හා ආබාධිත තත්ත්වයේ අයෙකු වීම

අවශ්‍ය ලිපි ලේඛන 
ශ්‍රවණ උපකරණ ලබා දීම
•    අබලතා වාර්තාව
•    ඉල්ලීමේ ලිපිය
•    රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
•    වෛද්‍ය වාර්තා

රෝද පුටු ලබා දීම
•    අබලතා වාර්තාව
•    රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
•    ආබාධිත තත්ත්වය අනුව රෝද පුටුව අවශ්‍ය වන්නේ කොමඩ් සහිතව ද රහිතවද යන්න පිළිබඳව නිර්දේශය
•    ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍ය වාර්තා

ඇස් කණ්නාඩි ලබා දීම
•    අබලතා වාර්තාව
•    රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
•    ඇස් පරීක්ෂා කරන ලද වෛද්‍ය වාර්තාව

කිහිලිකරු / අත්වාරු ලබා දීම
•    අබලතා වාර්තාව
•    රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
•    වෛද්‍ය වාර්තාව

කෘතිම අත්/පා ලබා දීම
•    අබලතා වාර්තාව
•    රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
•    කෘත්‍රිම පාදයක් ඉල්ලීමේ දී , අබාධිත තත්ත්වයේ නොවන පාදයේ පතුලේ සටහනක්
•    ප්‍රතිකාර ලබා ගන්නා ලද වෛද්‍ය වාර්තාව

සුදු සැරයටි ලබා දීම
•    අබලතා වාර්තාව
•    රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
•    අන්ධ භාවය සනාථ කරන ලද වෛද්‍ය වාර්තාව

කැලිපස් සපත්තු ලබා දීම
•    අබලතා වාර්තාව
•    රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
•    ආබාධිත තත්ත්වයේ නොවන පාදයේ පතුලේ සටහනක්
•    වෛද්‍ය වාර්තාව


 අරමුණ 
වැඩිහිටි ජනතාවගේ සුභසාධනය අරමුණු කර ගත් විශේෂිත හැඳුනුම්පතක් ලබා දීම

අවශ්‍ය සුදුසුකම් 
වයස අවුරුදු 60 සම්පූර්ණ වූ අයෙකු වීම

අවශ්‍ය ලිපිලේඛන 
•    ඉල්ලීම් ලිපිය
•    වැඩිහිටි හැඳුනුම්පත සඳහා වූ අයදුම් පත්‍රය
•    මුද්දර ප්‍රමාණයේ (සෙ.මි. 3  සෙ.මි. 2) වර්ණ ඡායා රූප 02 ක්
•    උපන් දිනය සනාථ කළ හැකි පිලිගත් ලියවිල්ලක්(උප්පැන්න සහතිකය,ජාතික හැදුනුම්පත)

මහජනාධාර ගෙවීම

අරමුණ 
අඩු ආදායම් හා විශේෂ සහනයන් අවශ්‍ය පවුල් සඳහා යැපීම් දීමනාවක් ලබා දීම

අවශ්‍ය සුදුසුකම් 
•    මාසික ආදායම රු. 6000 ට වඩා අඩු වීම
•    වයෝවෘද්ධ වීම
•    ශාරීරික හා මානසික දුබලතාවයන්ගෙන් පෙලීම
•    වැන්දඹු, ස්වාමියා අත්හල, ස්වාමියා සුවකල නොහැකි රෝගයකින් පෙලෙන හා ස්වාමියා සිරගත වූ කාන්තාවන්
•    අවු 16 ට අඩු අනාථ හා ශාරීරික මානසික ආබාධ සහිත දරුවන් වීම

අවශ්‍ය ලිපි ලේඛන 
•    ඉල්ලීම් ලිපිය
•    ශාරීරික හා මානසික රෝගීන් සඳහා වෛද්‍ය වාර්තා
•    ග්‍රාම නිලධාරි / සමාජ සේවා නිලධාරී නිර්දේශය සහිත ස.සේ.ම.ආ. (1) / (02) ආකෘතිය

මහජනාධාර මාසික ගෙවීමේ අයදුම්පත මෙතනින් බාගත කරගන්න

රෝගාධාර ගෙවීම්
අරමුණ 
විශේෂිත රෝගයකින් පෙලෙන අඩු ආදායම්ලාභී අයට ප්‍රතිකාර සදහා

අවශ්‍ය සුදුසුකම් 
•    අඩු ආදායම් පවුලක සාමාජිකයෙකු වීම
•    ක්ෂය රෝගය, පිළිකා රෝගය, තැලිසීමියා , ලාදුරු රෝගය සහ වකුගඩු රෝගය වැලඳීම

අවශ්‍ය ලිපිලේඛන 
•    ඉල්ලීමේ ලිපිය
•    අදාල රෝගය පිළිබඳ වෛද්‍ය සහතිකය
•    අයදුම්පත්‍රය
•    අඩු ආදායම්ලාභී හා පදිංචිය සනාථ කිරීමට ග්‍රාම නිලධාරී වාර්තාව
•    වකුගඩු රෝගය සදහා විශේෂඥ වෛද්‍ය සහතිකය
•    සමාජ සේවා නිලධාරී නිර්දේශය

 

ඉඩම් පරිපාලනය යටතේ සිදු කරන කාර්යයන්

  1. 1.    රජයට ඉඩම් අත්පත් කර ගැනීම
    2.    
    රජයට අත්පත් කර ගත් ඉඩම් අවසතු කිරීම
    3.    
    රජයේ ඉඩම් ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බෙදා දීම හා බලපත්‍ර නිකුත් කිරීම
    4.    
    රජයේ ඉඩම් සංවර්ධන ආඥා පනත් යටතේ නිකුත් කරන ලද බලපත්‍ර සදහා දීමනා පත්‍ර නිකුත් කිරීම
    5.    
    දීමනා පත්‍ර ඉඩමක පසු අයිතිය නම් කිරීම
    6.    
    දීමනා පත්‍ර ඉඩම් නොතාරිස් ඔප්පු මගින් පැවරීම
    7.    
    බලපත්‍ර ඉඩමක පසු අයිතිය නම් කිරීම
    8.    
    වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම
    9.    
    වාර්ෂික අවසර පත්‍ර නිකුත් කිරීම
    10.    
    දීමනා පත්‍ර සංශෝධනය කිරීම
    11.    
    වාර්ෂික අවසර පත්‍ර වල පසු කටයුතු
    12.    
    ඉඩම් නොමැති තැනැත්තන් ලියාපදිංචි කිරීම
    13.    
    ඉඩම් කචිචේරි පැවැත්වීම
    14.    
    අවතැන් වූවන් සදහා ඉඩම් ලබාදීම
    15.    
    වාර්ෂික ඵලදා සහ දීර්ඝ කාලීන බදු එකතු කිරීම
    16.    
    මාසික බදු වාර්තා පළාත් ඉඩම් කොමසාරිස් වෙත යැවීම
    17.    
    හිග ආදායම් වාර්තා සැකසීම ඉඩම් ආරවුල් සදහා ක්ෂේත්‍ර පරීක්ෂණ පැවැත්වීම
    18.    
    සන්තකය ආපසු ලබා ගැනීම

පසු උරුමය නම් කිරීම

  1. 1.    ඉල්ලීම් ලිපිය
    2.    ග්‍රාම නිලධාරී වාර්තාව
    3.    මුල් ඔප්පුවෙන් සහතික කරන ලද ඡායා පිටපතක්
    4.    පත් ඉරුව (මතුගම / හොරණ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් ලබා ගත්)
    5.    ඥාතිත්වය සනාථ කිරීමට ලියවිලි ( විවාහ උප්පැන්න සහතික පිටපත් ග්‍රාම නිලධාරී සහතික කරන ලද)
    6.    නම් වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ
    7.    දීමනා පත්‍රකරු ජාතික හැදුනුම්පතද රැගෙන ප්‍රකාශ ලබා දීමට පැමිණිය යුතුයි.

ජීවිත භුක්තිය පැවරීම

  1. 1.    ඉල්ලීම් ලිපිය
    2.    ග්‍රාම නිලධාරී වාර්තාව
    3.    මුල් ඔප්පුවෙන් සහතික කරන ලද ඡායා පිටපතක්
    4.    අදාල පත් ඉරුව (මතුගම / හොරණ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් ලබා ගත්)
    5.    සහතික කරන ලද මරණ සහතික
    6.    සහතික කරන ලද විවාහ සහතික ඡායා පිටපත්
    7.    නම් වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ

මුල් අයිතිය ලබා ගැනීම

  1. 1.    ඉල්ලීම් ලිපිය
    2.    ග්‍රාම නිලධාරී වාර්තාව
    3.    මුල් ඔප්පුවෙන් සහතික කරන ලද ඡායා පිටපතක්
    4.    අදාල පත් ඉරුව (මතුගම / හොරණ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් ලබා ගත්)
    5.    දීමනා පත්‍රකරුගේ හා කාලත්‍රයාගේ සහතික කරන ලද මරණ සහතික පිටපත්
    6.    පසු උරුමය නම් කර ඇතිනම් ඔහුගේ උප්පැන්න සහතික හා එහි ඡායා පිටපත්
    7.    පසු උරුමය නම් කර නොමැතිනම් හා දීමනා පත්‍රකරු අවිවාහක නම් ඔහුගේ සියලුම සහෝදර සහොදරියන්ගේ සහතික කරන ලද උප්පැන්නසහතික පිටපත්
    8.    පසු උරුමය නම් කර නොමැතිනම් හෝ දීමනා පත්‍රකරු විවාහක නම් ඔහුගේ සියලුම දරුවන්ගේ සහතික කරන ලද උප්පැන්න සහතික පිටපත්
    9.    නම් වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක්
    10.  ඉහත අංක 7/8 අනුව අදාල පුද්ගලයන් ජාතික හැදුනුම්පත රැගෙන ප්‍රකාශ ලබා දීමට පැමිණිය යුතුය.

ඉඩමේ අයිතිය නොතාරිස් ඔප්පු මගින් බැහැර කිරීම

  1. 1.    ඉල්ලීම් ලිපිය
    2.    ග්‍රාම නිලධාරී වාර්තාව
    3.    මුල් ඔප්පුවෙන් සහතික කරන ලද ඡායා පිටපතක්
    4.    දීමනා පත්‍රයට අදාල පත් ඉරුව (මතුගම / හොරණ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් ලබා ගත්)
    5.    දීමනා පත්‍ර කරුට වෙනත් ඉඩම් ඇති බවට ඔප්පු පිටපත (ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද) හා එහි පත් ඉරුව
    6.    ඉඩමෙන් කොටසක් බැහැර කරන්නේ නම් පිඹුරුපත හා ඡායා පිටපතක්
    7.    මුල් පිටපතෙන් සහතික කරන ලද විවාහ සහතික ඡායා පිටපතක්
    8.    දරුවන්ගේ උප්පැන්න වල සහතික කරන ලද ඡායා පිටපත්
    9.    ඥාතිත්වය සනාථ කිරීමට මුල් පිටපතෙන් සහතික කරන ලද උප්පැන්න සහතික පිටපත්
    10.    නම් වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ
    11.    දීමනා පත්‍රකරු , කාලත්‍රයා අවුරුදු 16 ට වැඩි දරුවන් ජාතික හැදනුම්පතද රැගෙන ප්‍රකාශ ලබා දිමට පැමිණිය යුතුය.

 

Scroll To Top