ඉඩම් පරිපාලනය යටතේ සිදු කරන කාර්යයන්
- 1. රජයට ඉඩම් අත්පත් කර ගැනීම
2. රජයට අත්පත් කර ගත් ඉඩම් අවසතු කිරීම
3. රජයේ ඉඩම් ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බෙදා දීම හා බලපත්‍ර නිකුත් කිරීම
4. රජයේ ඉඩම් සංවර්ධන ආඥා පනත් යටතේ නිකුත් කරන ලද බලපත්‍ර සදහා දීමනා පත්‍ර නිකුත් කිරීම
5. දීමනා පත්‍ර ඉඩමක පසු අයිතිය නම් කිරීම
6. දීමනා පත්‍ර ඉඩම් නොතාරිස් ඔප්පු මගින් පැවරීම
7. බලපත්‍ර ඉඩමක පසු අයිතිය නම් කිරීම
8. වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම
9. වාර්ෂික අවසර පත්‍ර නිකුත් කිරීම
10. දීමනා පත්‍ර සංශෝධනය කිරීම
11. වාර්ෂික අවසර පත්‍ර වල පසු කටයුතු
12. ඉඩම් නොමැති තැනැත්තන් ලියාපදිංචි කිරීම
13. ඉඩම් කචිචේරි පැවැත්වීම
14. අවතැන් වූවන් සදහා ඉඩම් ලබාදීම
15. වාර්ෂික ඵලදා සහ දීර්ඝ කාලීන බදු එකතු කිරීම
16. මාසික බදු වාර්තා පළාත් ඉඩම් කොමසාරිස් වෙත යැවීම
17. හිග ආදායම් වාර්තා සැකසීම ඉඩම් ආරවුල් සදහා ක්ෂේත්‍ර පරීක්ෂණ පැවැත්වීම
18. සන්තකය ආපසු ලබා ගැනීම
පසු උරුමය නම් කිරීම
- 1. ඉල්ලීම් ලිපිය
2. ග්‍රාම නිලධාරී වාර්තාව
3. මුල් ඔප්පුවෙන් සහතික කරන ලද ඡායා පිටපතක්
4. පත් ඉරුව (මතුගම / හොරණ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් ලබා ගත්)
5. ඥාතිත්වය සනාථ කිරීමට ලියවිලි ( විවාහ උප්පැන්න සහතික පිටපත් ග්‍රාම නිලධාරී සහතික කරන ලද)
6. නම් වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ
7. දීමනා පත්‍රකරු ජාතික හැදුනුම්පතද රැගෙන ප්‍රකාශ ලබා දීමට පැමිණිය යුතුයි.
ජීවිත භුක්තිය පැවරීම
- 1. ඉල්ලීම් ලිපිය
2. ග්‍රාම නිලධාරී වාර්තාව
3. මුල් ඔප්පුවෙන් සහතික කරන ලද ඡායා පිටපතක්
4. අදාල පත් ඉරුව (මතුගම / හොරණ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් ලබා ගත්)
5. සහතික කරන ලද මරණ සහතික
6. සහතික කරන ලද විවාහ සහතික ඡායා පිටපත්
7. නම් වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ
මුල් අයිතිය ලබා ගැනීම
- 1. ඉල්ලීම් ලිපිය
2. ග්‍රාම නිලධාරී වාර්තාව
3. මුල් ඔප්පුවෙන් සහතික කරන ලද ඡායා පිටපතක්
4. අදාල පත් ඉරුව (මතුගම / හොරණ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් ලබා ගත්)
5. දීමනා පත්‍රකරුගේ හා කාලත්‍රයාගේ සහතික කරන ලද මරණ සහතික පිටපත්
6. පසු උරුමය නම් කර ඇතිනම් ඔහුගේ උප්පැන්න සහතික හා එහි ඡායා පිටපත්
7. පසු උරුමය නම් කර නොමැතිනම් හා දීමනා පත්‍රකරු අවිවාහක නම් ඔහුගේ සියලුම සහෝදර සහොදරියන්ගේ සහතික කරන ලද උප්පැන්නසහතික පිටපත්
8. පසු උරුමය නම් කර නොමැතිනම් හෝ දීමනා පත්‍රකරු විවාහක නම් ඔහුගේ සියලුම දරුවන්ගේ සහතික කරන ලද උප්පැන්න සහතික පිටපත්
9. නම් වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශයක්
10. ඉහත අංක 7/8 අනුව අදාල පුද්ගලයන් ජාතික හැදුනුම්පත රැගෙන ප්‍රකාශ ලබා දීමට පැමිණිය යුතුය.
ඉඩමේ අයිතිය නොතාරිස් ඔප්පු මගින් බැහැර කිරීම
- 1. ඉල්ලීම් ලිපිය
2. ග්‍රාම නිලධාරී වාර්තාව
3. මුල් ඔප්පුවෙන් සහතික කරන ලද ඡායා පිටපතක්
4. දීමනා පත්‍රයට අදාල පත් ඉරුව (මතුගම / හොරණ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් ලබා ගත්)
5. දීමනා පත්‍ර කරුට වෙනත් ඉඩම් ඇති බවට ඔප්පු පිටපත (ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද) හා එහි පත් ඉරුව
6. ඉඩමෙන් කොටසක් බැහැර කරන්නේ නම් පිඹුරුපත හා ඡායා පිටපතක්
7. මුල් පිටපතෙන් සහතික කරන ලද විවාහ සහතික ඡායා පිටපතක්
8. දරුවන්ගේ උප්පැන්න වල සහතික කරන ලද ඡායා පිටපත්
9. ඥාතිත්වය සනාථ කිරීමට මුල් පිටපතෙන් සහතික කරන ලද උප්පැන්න සහතික පිටපත්
10. නම් වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ
11. දීමනා පත්‍රකරු , කාලත්‍රයා අවුරුදු 16 ට වැඩි දරුවන් ජාතික හැදනුම්පතද රැගෙන ප්‍රකාශ ලබා දිමට පැමිණිය යුතුය.
Scroll To Top