ආබාධ සහිත වූවන්ට උපකරණ ලබා දීම
අරමුණ
අඩු ආදායම්ලාභී ආබාධිත තත්ත්වයේ පසුවන අයට ඔවුන්ගේ ආබාධිත තත්ත්වය අවම කර ගැනීම සඳහා අවශ්‍ය වන උපකරණ ලබා දීම (රෝද පුටු, ශ්‍රවන උපකරණ, අක්ෂි කාච, කැලිපස් සපත්තු, ඇස්කණානාඩි, කිහිලිකරු /අත්වාරු, කෘතිමඅත්පා. සුදු සැරයටි,වෝකර්,බස්තම්,වායු මෙට්ට, ජල මෙට්ට)
අවශ්‍ය සුදුසුකම්
අඩු ආදායම්ලාභී හා ආබාධිත තත්ත්වයේ අයෙකු වීම
අවශ්‍ය ලිපි ලේඛන
ශ්‍රවණ උපකරණ ලබා දීම
• අබලතා වාර්තාව
• ඉල්ලීමේ ලිපිය
• රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
• වෛද්‍ය වාර්තා
රෝද පුටු ලබා දීම
• අබලතා වාර්තාව
• රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
• ආබාධිත තත්ත්වය අනුව රෝද පුටුව අවශ්‍ය වන්නේ කොමඩ් සහිතව ද රහිතවද යන්න පිළිබඳව නිර්දේශය
• ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍ය වාර්තා
ඇස් කණ්නාඩි ලබා දීම
• අබලතා වාර්තාව
• රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
• ඇස් පරීක්ෂා කරන ලද වෛද්‍ය වාර්තාව
කිහිලිකරු / අත්වාරු ලබා දීම
• අබලතා වාර්තාව
• රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
• වෛද්‍ය වාර්තාව
කෘතිම අත්/පා ලබා දීම
• අබලතා වාර්තාව
• රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
• කෘත්‍රිම පාදයක් ඉල්ලීමේ දී , අබාධිත තත්ත්වයේ නොවන පාදයේ පතුලේ සටහනක්
• ප්‍රතිකාර ලබා ගන්නා ලද වෛද්‍ය වාර්තාව
සුදු සැරයටි ලබා දීම
• අබලතා වාර්තාව
• රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
• අන්ධ භාවය සනාථ කරන ලද වෛද්‍ය වාර්තාව
කැලිපස් සපත්තු ලබා දීම
• අබලතා වාර්තාව
• රු 6000/= ට වඩා අඩු ආදායම්ලාභීයෙකු බැව් සනාථ කිරීම සඳහා ග්‍රාම නිලධාරී වාර්තාව
• ආබාධිත තත්ත්වයේ නොවන පාදයේ පතුලේ සටහනක්
• වෛද්‍ය වාර්තාව
අරමුණ
වැඩිහිටි ජනතාවගේ සුභසාධනය අරමුණු කර ගත් විශේෂිත හැඳුනුම්පතක් ලබා දීම
අවශ්‍ය සුදුසුකම්
වයස අවුරුදු 60 සම්පූර්ණ වූ අයෙකු වීම
අවශ්‍ය ලිපිලේඛන
• ඉල්ලීම් ලිපිය
• වැඩිහිටි හැඳුනුම්පත සඳහා වූ අයදුම් පත්‍රය
• මුද්දර ප්‍රමාණයේ (සෙ.මි. 3 සෙ.මි. 2) වර්ණ ඡායා රූප 02 ක්
• උපන් දිනය සනාථ කළ හැකි පිලිගත් ලියවිල්ලක්(උප්පැන්න සහතිකය,ජාතික හැදුනුම්පත)