ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නTwo Banners
පුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවා ස්ථාන
About Us
වෙනත් නිලධාරීන්
අපගේ දැක්ම
"දොඩන්ගොඩ ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට සමෘද්ධිමත් ජීවන තත්වයක්"අපගේ මෙහෙවර
"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැලසුම්ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් දොඩන්ගොඩ ප්‍රදේශයේ ජන ජීවිතය නංවාලීම"
පිහිටීම මුල් කරගත් තොරතුරු
දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ග්‍රාම නිලධාරී වසම් 45කින් යුක්ත වේ. විශාලම ග්‍රාම නිලධාරී වසම නෑහින්න වසම වන අතර කුඩාම ග්‍රාම නිලධාරී වසම රෙමුණගොඩ උතුර වේ. 1982 ට පෙර ග්‍රාම නිලධාරී වසම් 17කින් යුක්ත වූ අතර වර්තමානයේ භූමිය සහ ජනගහනය සලකා බලා පරිපාලනයේ පහසුව පිණිස ග්‍රාම නිලධාරී වසම් 45කට බෙදා ඇත.
දොඩන්ගොඩ බලප්‍රදේශය පිළිබද ඉතිහාසය විමසීමේදී කළුතර සිට මතුගම හා ඒ තදාසන්න ප්‍රදේශවලට යන ප්‍රධාන මාර්ගය වැටී තිබී ඇත්තේ දොඩන්ගොඩ හරහාය. අතීතයේදී ගැල්වලින් යන එක් එක් ප්‍රදේශ වලට අයත් පිරිස අතරමග නැවතුම්පලක් ලෙස දොඩන්ගොඩ භාවිතා කළ බව කියැවේ. ගැල්වලින් යන පිරිස ගැල් නවතා කථාබහ කරන්නට එක් වූ ප්‍රදේශය වන බැවින් "දොඩනගොඩ" දොඩන්ගොඩ වූ බව ජනප්‍රවාදයේ පවතී.
මේ අනුව බලන කල අතීතයේද දොඩන්ගොඩ මාර්ග ගමනාගමනයේ ප්‍රධාන සංධිස්ථානයක් වී ඇති අතර වර්තමානයේ මතුගම සිට කොළඹ දක්වා මහා මාර්ගය වැටී ඇත්තේ දොඩන්ගොඩ හරහාය. තවද දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ ප්‍රධාන පිවිසුම් දොරටුවක් මෙම කොට්ඨාශය තුල පිහිටා තිබීම විශේෂත්වයකි.
කළුතර දිස්ත්‍රික්කයේ බටහිර අර්ධයේ දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටා ඇත.
උතුරට - බණ්ඩාරගම හා මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
නැගෙනහිරට - මදුරාවල හා මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
බටහිරින් - බේරුවල හා කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
දකුණින් - මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
හෙක්ටයාර 11.080ක (වර්ග කි.මි. 110ක ) විශාලත්වයකින් යුත් කළුතර දිස්ත්‍රික්කයේ මුළු භූමියෙන් 6.7%ක් වේ.
වසරේ සිට සේවය කල ප්‍රදේශිය ලේකම්වරුන්
|
නම |
සිට |
දක්වා |
|
පුන්‍යසිරි සුභසිංහ මහතා |
1978 | 1981 |
|
එස්. හපුආරච්චි මහතා |
1981 | 1987 |
|
කේ.අයිරාංගනී මෙනවිය |
1987 | 1989 |
| සුනිල් අබේවර්ධන මහතා | 1989 | 1990 |
| එම්.රුක්මනී මහත්මිය | 1990 | 1993 |
| රූපසිරි වැල්ලගේ මහතා | 1993 | 1995 |
|
එම්. රුක්මනි මහත්මිය |
1995 | 2001 |
|
රූපපසිරි වැලලගේ මහතා |
2001 | 2006 |
|
එම්. රුක්මනි මහත්මිය |
2006 | 2009 |
|
එම්.සී.එල්. රුද්‍රිගෝ මහතා |
2009 | 2016 |

























