Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குTwo Banners
News & Events
அரசு சேவை மையங்கள்
Internal Affairs of Government Institutions
අභ්යන්තර කටයුතු ඒකකයේ ප්රධාන අරමුණු:
- ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
- ආයතනයේ සියලුම ක්රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්රවේශය සහතික කිරීම.
- ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්රවර්ධනය කිරීම.
- විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්යභාවය පවත්වාගැනීම සඳහා ආරක්ෂිත සහ ප්රවේශ විය හැකි ක්රමවේදයක් සකස් කිරීම.
- නීතිය ක්රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීතිය බලාත්මක කිරීමට සහය වීම.
|
සාමාජිකයන් පිළිබඳ තොරතුරු |
|
| එල්.එල්.සී. ලොකුගේ මෙය
සහකාර ප්රාදේශීය ලේකම් අභ්යන්තර කටයුතු ඒකක ප්රධානී 070-2727133 இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். |
එම්. සුරේඛා මිය ගණකාධිකාරී ඒකක සාමාජික 070-7895437 இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். |
|
එම්.කේ.සී. වීරරත්න මයා පරිපාලන නිලධාරී සුපිළිපන්න නිලධාරී 077-1204410 இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். |
පී.කේ. ජයතිලක මයා පරිපාලන ග්රාම නිලධාරී ඒකක සාමාජික 074-0200101 இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். |
|
සී.එම්. සමරනායක මිය නියෝජ්ය අධ්යක්ෂ (සැළසුම්) ඒකක සාමාජික 071-9081565 இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். |
සී.සී.රණසිංහ මිය අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර් ඒකක සාමාජික 071-4466732 இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். |
|
ඩී.එම්.ආර්. නිලානි දිසානායක මිය මූලස්ථාන කළමනාකරු ඒකක සාමාජික 071-8665241 இந்த மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். |
|
වගකීම් සහ කාර්යයන් :
- ආයතනය තුළ පවතින පද්ධතිමය බාධාවන් හඳුනා ගැනීම සඳහා වත්මන් ක්රියාපටිපාටි සහ චක්රලේඛ පරීක්ෂා කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඒවා සරල කිරීම.
- දූෂණ අවදානම් ඇගයීම සිදු කිරීම මඟින් ආයතනය තුළ දූෂණයට හා සදාචාර විරෝධී හැසිරීම්වලට ගොදුරු වියහැකි ක්ෂේත්ර හඳුනාගැනීම සහ ඉලක්කගත වැළැක්වීමේ පියවර ගැනීම.
- ආයතනයේ අවශ්යතාවලට ගැළපෙන පරිදි සකස් කරන ලද නිශ්චිත දූෂණ විරෝධී අරමුණු සහ උපායමාර්ග ඇතුළත් ආයතනික සුපිළිපන්න ක්රියාකාරී සැලැස්මක් සකස් කර ක්රියාත්මක කිරීම.
- ජාතික දූෂණ විරෝධී ක්රියාකාරී සැලැස්ම සමඟ ආයතනික ප්රතිපත්ති සහ භාවිතයන් පෙළගස්වමින් ජාතික දූෂණ විරෝධී උපාය මාර්ගවලට අනුකූල වීම.
- 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ඇතළු ජාතික හා ජාත්යන්තර දූෂණ විරෝධී නීති සමඟ ආයතනයේ අනුකූලතාව ඇගයීම සඳහා අනුකූලතා සමාලෝචන සිදු කිරීම සහ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්ර හඳුනාගැනීම.
- සියලුම රාජ්ය නිලධාරීන් සහ සේවා නියුක්තිකයින් සඳහා වත්කම් ප්රකාශන අවශ්යතාවලට අනුකූල වීම සහතික කිරීම සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා නියෝග සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව බැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කිරීම.
- ආයතනය තුළ දූෂණ සහ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම, එවැනි සියලුම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් හෝ ඒකක විසින් කඩිනමින් කටයුතු කරන බවට සහතික වීම සහ විනිවිදභාවය සහ වගවීම සහතික කරමින් විමසීම් සිදු කරන අදාළ පාර්ශවකරුවන් වෙත නිරන්තර යාවත්කාලීන කිරීම් ලබා දීම. අවශ්ය පරිදි, දූෂණ විරෝධී පනත යටතේ විමර්ශනය සඳහා අදාළ කරුණු, සොයාගැනීම් හෝ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම.
- ආයතනය විසින් සපයනු ලබන සේවාවන් විස්තර කෙරෙන පුරවැසි ප්රඥප්තියක් සංවර්ධනය කර ප්රකාශයට පත්කිරීම.
- රාජ්ය නිලධාරීන් විසින් පිලිපැදිය යුතු ප්රමිතිගත ආචාරධර්ම සංග්රහයක් ඇතුළුව, සාදාචාරාත්මක පාලනය ප්රවර්ධනය කරන ප්රතිපත්ති ස්ථාපිත කිරීම සහ බලාත්මක කිරීම.
- දූෂණ විරෝධී මූලධර්මවලට කැපවී සිටීමට අභිප්රේරණයක් ලෙස කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ දැනුවත් කිරීම ඇතුළු අනෙකුත් ක්රියාමාර්ග ගැනීම.
- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාව සහ ජාතික දූෂණ විරෝධී රාමුව මඟින් මෙහෙයවනු ලබන සුපිළිපන්න ඇගයීම් ක්රියාවලීන් සඳහා ආයතනය සහභාගී වන බව සහ ඒ සමඟ පෙළගැසෙන බව සහතික කරමින්, ජාතික දූෂණ විරෝධී සුපිළිපන්න ඇගයීම සඳහා ආයතනික කේන්ද්රස්ථානය ලෙස ක්රියා කිරීම.
- ඒකකයේ රාජකාරී ක්රියාත්මක කිරීමේ දී අඛණ්ඩ මඟපෙන්වීම් සහ සහාය ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.
- අභ්යන්තර කටයුතු ඒකකයෙහි ක්රියාකාරකම්, දූෂණ විරෝධී මුලපිරීම්වල ප්රගතිය, මුහුණු දෙන අභියෝග සහ ඉදිරි ක්රියාමාර්ග සඳහා නිර්දේශ සාරාංශගත කරමින් කාලානුරූපී සහ වාර්ෂික වාර්තා සකස් කිරීම.
- පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සඳහා වන සැලසුම් සකස් කිරීම හා ක්රියාත්මක කිරීම.




















